
ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය ගැන කතා කිරීමේ දී අපට හමුවන තවත් පොතක් වන්නේ ජයන්ත කුමාරසිරි සූරීන් ගේ නාද නූ පා නවකතාවයි. එහෙත් එහි ඇත්තේ තනිකර ම සමරිසි නවකතාවක් යැයි කිව හැකි ද නොවේ. මන්ද, එම නවකතාව දෝලනය වන්නේ සිය බිරිඳ, මියැන්මාර් තරුණිය, මහනුවර කලණි උපාසකම්මා හා සමරිසියට කැමති අයෙකුවන රුවන් ගැන ය. එහෙත් කතා නායකයා ව්‍යායාම් ගියවිටෙක සිදුවන ආබාධයක් හේතුවෙන් ඔහුට උදව්වට එන තරුණයෙකු නිසා, කතාවේ මැදි වයස්ගත කතා නායකයා සමරිසිය දෙසට හේත්තු වේ. කතාව ගලායන අයුරින් පෙනෙන්නේ මේ කතා නායකයා සමරිසියට ද කැමති බවයි. පෙර කී නවකතාවේ වගේ ම මේ නවකතාවේ ද කොතැනකවත් එය සමරිසි සාහිත්‍යයක් යැයි සඳහන් ව ඇත්තේ නැහැ. එහෙත් කලින් කී නවකතාවට වඩා මෙම නවකතාව ශෘංගාර රසයෙන් අනූනයි. පොත සොයාගෙන කියවන්න. ඉතා රසවත් නවකතාවක්. (සමහර විට ‘පණිවුඩ පුවරුව’ මගින් කතුවරයාට දැනුම්දුන්නොත් පොත නිවසට ම ගෙන්වා ගන්නත් හැකි වේවි)
ජයන්ත කුමාරසිරි මහතා ගේ ‘නාද නූ පා“ නවකතාවෙන් තෝරාගත් කොටස් කිහිපයක් මම මෙහි ඇතුළත් කරන්නම්.
”මෙහෙමයි සර්, මසාජ් ක්ලික්වල ටවල්ලෙක අන්දල මසාජ් බෙඩ්ඩෙකේ හාන්සි කරන්නෙ කෙල්ලො…සර් ගණන් ගන්න එපා. මං කොල්ලෙක් නෙ” යුවන්ත කිසිවක් කීමට පෙර ම යුවන්ත ගේ යට ඇඳුම රුවන් කකුල්දෙක අතරින් සුරුස් ගා ගලවා ගත්තේ ය.
… පිටුව 226
”මේ මලය නිසා නෙ සර් මෙච්චර මුරණ්ඩු” යැයි කියමින් යුවන්ත ගේ නිමිත්ත ළඟට රුවන් සිය මුව ළං කරමින් එය තුන්-හතර වරක් සිප ගත්තේ ය.
….
කිරි එළදෙන විකුණූ පසු පිටිකිරි කෝප්පයක් බොනවා වැනි හැඟීමක් යුවන්ත ගේ සිත පුරා පැතිර ගියේ ය. පිටුව 227,
නාද නූ පා, ජයන්ත කුමාරසිරි, විහඟ ප්‍රකාශන,සීදේවී ප්‍රින්ටර්ස් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, දෙහිවල.
ජයන්ත කුමාරසිරි මහතා ගේ රසික පිටුව. https://www.facebook.com/Dr.JayanthaKumarasiri/… දුරකථන අංකය : 071 4400182