ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය (1)

මෙවර මා කියන්නට යන්නේ අලුත් දෙයක් ගැන. සැබෑ තත්ත්වය නම් ලාංකික සමරිසි අය සාහිත්‍යයට එතරම් නැඹුරු නැති එක. සාහිත්‍යය කෙසේ වෙතත් මොන ම පොතක්වත් කියවන්නට එක්කෝ බොහෝදෙනෙකුට කාලයක් නැහැ. නැත්නම් පොත් කියවනවාට වඩා සරල වින්දනයක් ලැබිය හැකි අන්තර්ජාලය වැනි දෑ බහුල ව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මම සමරිසි සාහිත්‍යයට අනුගත පොත් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේවා ලියැවී තිබෙන්නේ සිංහලෙන්. ඒ නිසා ලාංකික ඔබ කාටත් කියැවිය හැකියි. අනුගත යන වචනය මා භාවිත කළේ හිතාමතාමයි. මක්නිසාද, මෙම නවකතා දෙකේ ම කොතැනකවත් සඳහන් වී නැහැ, ඒවා සමරිසි නවකතා බව. නමුත්, එම…

Click More

මගේ සමරිසි ජීවිතය ආරම්භ වුණේ මෙහෙමයි 4

ඊට පස්සෙ කාලය ගෙවිල ගියා. මා, උසස් පෙළ කළා. එදා සමරිසි අද්දැකීම හිතට කා වැදුනත් ලොකුවට ඒ පස්සෙ ගියේ නෑ මම. ඒ කියන්නෙ ඇබ්බැහිවීමක් වුණේ නැහැ. නමුත් විෂම ලිංගික හැඟීම් මනස තුළ හොල්මන් කළා. කෙල්ලන් එක්ක යාලු වුණා. සමහරවිට දුරදිගත් ගියා. ඒත් සමරිසියත් මනස තුළ තිබුණා. මම විවාහ වුණා පසුව. සාමාන්ය විදියට කාලය ගෙවිල ගියා. සමරිසි හෝ විෂම රිසි ගැන ලොකු හැඟීමක් ඊට පස්සෙ තිබුණෙ නෑ වගේ. මම ප්‍ර‍ථම උපාධිය කළා. තව පශ්චාද් උපාධි කිහිපයකුත් කළා ඊට පස්සෙ. ඒ කාලවල නම් සමරිසි, විෂම රිසි ගැන සිතුවෙ ම නැති තරම්. නමුත්…

Click More