මගේ සමරිසි ජීවිතය ආරම්භ වුණේ මෙහෙමයි 4

Share

ඊට පස්සෙ කාලය ගෙවිල ගියා. මා, උසස් පෙළ කළා. එදා සමරිසි අද්දැකීම හිතට කා වැදුනත් ලොකුවට ඒ පස්සෙ ගියේ නෑ මම. ඒ කියන්නෙ ඇබ්බැහිවීමක් වුණේ නැහැ. නමුත් විෂම ලිංගික හැඟීම් මනස තුළ හොල්මන් කළා. කෙල්ලන් එක්ක යාලු වුණා. සමහරවිට දුරදිගත් ගියා. ඒත් සමරිසියත් මනස තුළ තිබුණා.

මම විවාහ වුණා පසුව. සාමාන්ය විදියට කාලය ගෙවිල ගියා. සමරිසි හෝ විෂම රිසි ගැන ලොකු හැඟීමක් ඊට පස්සෙ තිබුණෙ නෑ වගේ.

මම ප්‍ර‍ථම උපාධිය කළා. තව පශ්චාද් උපාධි කිහිපයකුත් කළා ඊට පස්සෙ. ඒ කාලවල නම් සමරිසි, විෂම රිසි ගැන සිතුවෙ ම නැති තරම්.

නමුත් මෑත කාලීන ව නැවත සමරිසි ගැන සිතුවිලි මතුවෙන්න ගත්තා. විෂම රිසි ගැනත් සිතුවිලි මතුවුණා. එහෙත්, මේ වනවිට මම පරිණතයි. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ගැන දැන් හොඳට ම දන්නවා. ගොනෝරියා, උපදංශ, සිපිලිස් වගේ ම මෑතකාලීන ව පැතිරුණු HIV, ඒඩ්ස් ගැනත්, සෙම් පටල හරහා සම්ප්‍රේෂණය වන විවිධ ලිංගාශ්‍රිත රෝග ගැනත් ලොකු අවබෝධයක් තිබෙනවා.

කොන්ඩොම් භාවිතයට මම පුද්ගලික ව කැමැත්තක් නැති වුණත්, සම ලිංගික මෙන් ම විෂම ලිංගික සේවනයේ යෙදෙන අය ඒවා භාවිත කිරීම බොහොම වැදගත්. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග සම්බන්ධ විශේසඥ වෛද්‍යවරයෙකු සමග මා කතා කරද්දී ඔහු කීවේ, නො දන්නා අය සමග මුඛ ලිංගික සංසර්ගයේ දී පවා කොන්ඩොමයක් භාවිත කරන්නේ නම් යෝග්‍ය බවයි. නො දන්නා අය සමග ගුද මාර්ග සසඟ ද අයෝග්‍ය බව ඔහු කීවා. සමරිසියේ යෙදෙන අවිවාහක කෙනෙක් එක් සමරිසි පුරුෂයෙකු පමණක් සැමදා භාවිත නො කරන බවත් වෛද්‍යවරයා මට ප්‍ර‍කාශ කළා. සමරිසියේ ලෙස යෙදෙන විවාහක අයත් එලෙස බවයි ඔහු කීවේ. මේ නිසා නූතන සමාජයේ, සමරිසියට ඒමට පෙර දෙතුන් වරක් ඒ ගැන සිතිය යුතු වෙනවා. විවාහකයෙකුට සමරිසිය නිසා HIV ආසාදනය වුණොත් අහිංසක බිරිඳකටත් එය බෝවීමට පුළුවන්. මේ රටේ එවැනි තත්ත්වයන් ඇති වී තිබෙනවා. විවාහක අයෙකු සමග සමරිසි මෙන් ම, ඔහු කැමති නම් ඔහු ගේ බිරිඳ සමග ලිංගික සබඳතා පවත්වන්න කැමති අයත් මෙහි ඇති. මමත් කැමතියි. එහෙත් එය සාතිශය ප්‍රවේශම්සහගත කාරණයක් විය යුතුයි.

මෙහි අදහස සමරිසිය නො වැදගත් ය යන්න නොවේ. මේ වනවිට ලංකාවේ සමරිසි අය 23%ක් පමණ සිටිනවා ලු. සමරිසි සංගම් තියෙනවා. සමරිසි සමූහ සාද නැද්ද? සමරිසි දේශපාලන නායකයින් සිටිනවා. ලෝකයේ සමරිසි අගමැති/ජනාධිපතිවරු 10ක් හෝ ඊට වැඩි ගණනක් එක්කෝ ඉන්නවා. නැත්නම් හිටියා. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෑතක දී එරට සමරිසි උද්ඝෝෂණයක ගමන්ගත්තා. ඔහු විවාහකයෙක්. දරු තිදෙනෙකු ගේ පියෙක්. වයස අවුරුදු 40ස් ගණනක්. යාබද ඉන්දියාවේ සමරිසි විවාහ නීතිගතයි. ලෝකයේ වෙනත් රටවල් 25ක පමණ සමරිසි විවාහ නීතිගත වී තිබෙනවා.

නමුත් සමරිසි විවාහයක් හා සමරිසි සබඳතා පැවැත්වීම යනු දෙකක්. ඒ ගැන දැනුම්වත් විය යුතුයි.

ලිංගික අවශ්‍යතාව යනු මානසික වුවමනාවක්. එය ක්‍රියාවට නැගෙන්නේ ශාරීරික ව. සැබැවින් ම එය මානව ධර්මතාවක්. ඒ නිසා එය මගහැරිය යුතු නැහැ. නමුත් අවබෝධමත් විය යුතුයි. අවබෝධයෙන් තොර ව මහ මගවත් ගමන් කළ නො හැකියි නෙ.

සිතන්න.

සමාප්තයි.

සුමල් නලින්ද.
sumal.nalinda.3

Leave a Comment