පසුගිය සැප්තැම්බර් 05 වන දින දඹුල්ල කුලී රථ නැවතුම්පොලේ තිබූ මළසිරුර පිළිබඳ දිවයිනේ ප්‍රධාන මාධ්‍ය ජාලයකට අයත් එක්තරා ගොසිප් වෙබ් අඩවියක යොදා තිබුනු සිරස්තරලය වූයේ ‘කාන්තා ඇඳුමින් සැරසී රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරිසැරූ තරුණයෙක් ඝාතනය කෙරේ’ යනුවෙන්. මෙම පුවත එදිනම තවත් සමාජ ජාලා තුළ හා විද්‍යුත් මාධ්‍ය තුළද ඊට පසු දින එනම්, සැප්තැම්බර් 6 වන දින මුද්‍රිත මාධ්‍ය තුළද පළ වී තිබුණා. මෙම පුවතට මේ සියලු මාධ්‍ය තුළ වැඩි ප්‍රචාරයක් ලැබුණේ පළමු ගොසිප් වෙබ් අඩවිය තම වාර්තාවේ යොදා තිබූ සිරස්තලයට බොහෝ සෙයින් සමාන අන්දමකටයි. මේ මාධ්‍ය වාර්තාවට අනුව පොලිසිය මෙසේ ප්‍රකාශ කර තිබුණා.
- ඝාතනය සිදු කර ඇත්තේ‘පොලුවලින්’ පහරදී බව
- ඝාතනය කර ඇත්තේ දඹුල්ල, කළුන්දෑව , වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සනත් කුමාර නම් 34 හැවිරිදි‘තරුණයෙක්’ බව
- ඝාතනයට ලක් වූ තරුණයා‘කාන්තා ඇඳුමින් සැරසී රාත්‍රී කාලයේ නිරන්තරයෙන් දඹුල්ල නගරයේ සැරිසරන’ බව
- මෙම තරුණයා ඝාතනය වන විට‘කාන්තා ඇඳුමට සමාන ඇඳුමක්’ හැඳ සිටි බව
- මෙම තරුණයා‘කාන්තාවන් ඇසුරු කරන’ බව
- මීට පෙර රාත්‍රී කාලයේ කාන්තා ඇදුමින් සැරසී සිටින අවස්ථාවක‘අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති’ බව
තවද මෙම වාර්තාවේ මිය ගිය අයගේ ඡායාරූපය දෙකක්ද පළ කර තිබුණි.
(1) තරුණයා හා කාන්තා ඇදුම්
පෙර සඳහන් කළ පරිදි මෙම පුද්ගල ඝාතනය වැඩි කතා බහකට ලක්වූයේ මිය ගිය අය ඇඳ සිටි ඇඳුම පිළිබඳවය. මෙහිදී පිරිසක් විසින් මිය ගිය අය හරස් විලාසිතාකරුවෙක් බවත්, තවත් පිරිසක් විසින් මිය ගිය අය සංක්‍රාන්තික සමාජභාවී නිසා මිය ගිය අය තරුණයෙකු ලෙස හැඳින්වීම ආචාරධර්මීයව වැරදිසහගත බවත් පවසන්නට යෙදුණා. කෙසේ නමුත් සංක්‍රාන්තික සමාජභාවය කෙටියෙන් හැදින්වුවහොත්,
- ද්වී ස්ත්‍රී පුරුෂ සමාජභාවී / Bigender (ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉවත් කිරීමට උත්සාහ කරන්නා)
- ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එහා යන්නා / Gender Queer
- හරස් විලාසිතාකරුවන් / Cross Dresser (ස්ත්‍රී පුරුෂ සමාජභාවය තාවකාලිකව තරණය කිරීම)
- සංක්‍රාන්ති ලිංගික / Transsexual (ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්පුර්ණයෙන් තරණය කිරීම)
මෙහිදී හරස් විලාසිතාකරුවන්අතර සමලිංගික, විෂමලිංගික සහ ද්විලිංගික පුද්ගලයන්ද විය හැක. තවද එය ලිංගභේදය මත පදනම් වන බව පෙනුනද, ඇඳුමට ලිංග භේදයක් ඇත්දැයි කෙනෙකුට ප්‍රශ්න කරන්නටද පුළුවන්ය. නමුත් එය කිසිසේත් ලිංගික නැඹුරුව හා සබැඳි දෙයක්ද නොවේ. එය හුදෙක් පුද්ගල ලෞකික කැමැත්ත මත සිදු වන දෙයක් වේ. එනම් ඒ ඒ කාලයට අනුව තම විරුද්ධ ලිංගයේ අය විසින් අඳින ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන අය. බොහෝ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෝ එය තමන්ගේ ජීව විද්‍යාත්මක ශරීරය හා මනස අතර නොගැලපීමක් ලෙස අරුත් දක්වති. උදාහරණයක් ලෙස පුරුෂ ලිංගයක් සහිතව ඉපදුන කෙනෙකුට තමන් ස්ත්‍රීයක යැයි දැනීම. එය අනෙක් පසටද එසේමය. එය හුදෙක් ඇඳුමක් ඇඳීමට වඩා එහා ගිය පුද්ගලමය දැනීමකි. එවන් අය සැත්කමක් මාර්ගයෙන් තම ලිංගය වෙනස් කරගන්නා අතර එම ලිංග වෙනස් කිරීමේ ක්රියාදාමයේ සිටින මොහොතේ සිට, සැත්කමට මුහුණ දුන් පසු ද එම පුද්ගලයා සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස හඳුන්වනු ලබයි.මිය ගිය අය හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ අනන්‍යතාවය එම පුද්ගලයාට ආවේණික වුවක් වන අතර, එසේම එය ඉතා පුද්ගලික කාරණාවක් ද වේ. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ නොකිරීම එම පුද්ගලයා සතු අයිතියකි. එබැවින් අප සිහි තබා ගත යුත්තේ මෙහිදී මිය ගිය අයගේ ඇඳුම වැදගත් වන්නේ ඒ කාරණය අදාළ ඝාතනයට හේතුවක් වූවාද නැද්ද යන කාරණය පදනම් කර ගෙන බවයි.
(2) පොලීසිය හා 399
අදාළ ප්‍රාදේශීය වාර්තාකරුට අනුව, ඔහුට සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය විසින් සපයන ලද තොරතුරු මත ඝාතනයට ලක් වූ අය මීට පෙර ද දඹුල්ල පොලිසිය මඟින් රාත්‍රී කාලයේ කාන්තා ඇදුමින් සැරසී සිටින අවස්ථාවක ‘අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති’ අතර ,‘ඔහු’ එලෙස නිරන්තරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී රාත්‍රී කාලයේ නගරයේ සැරිසරයි. පෙනෙන ආකාරයට අනෙකුත් බොහෝ ජනමාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර තිබුනේ ඔහුගෙන් ලබාගත් වාර්තාව පදනම් කරගෙනය. ඇතැම් මාධ්‍ය ඔහුගේ වාර්තාව ඒ ලෙසින්මද, ( හිරු ගොසිප්, ලංකාදීප වැනි.) ඇතැම් මාධ්‍ය මිය ගිය අයගේ පවුලේ විස්තර ඇතුළත්ව ජුගුප්සාජනක ලෙස වෙනත් සිද්ධීන්ද ඈදා ගනිමින් කතන්දරයක් ලෙසද (නෙත් ගොසිප්), ඇතැම් මාධ්‍ය එය නිවැරදිවද (ඇඳුමට වඩා මනුෂ්‍ය ඝාතනයේ විස්තර ඇතුලත්ව ද) වාර්තා කරන ලදී. කෙසේ නමුත් කාංචන කුමාර/ කේ. කේ. ආරියදාස නම් වාර්තාකරු කිසිම දැනුමකින් තොරව මිය ගිය අය විවිධාකාරයෙන් නම් කරමින්, ඔහුගේ පුද්ගලික තොරතුරු උලුප්පවමින් ඝාතනය කෙසේ වෙතත් මිය ගිය අය ගැන වැඩි වශයෙන් වාර්තා කිරීමට පෙළඹී ඇති බැවින් පෙනෙන්නේ ඔහුගේ මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් ඇති නොසැලකිල්ලයි. තවද වින්දිතයාගේ සොයුරියගෙන් ලබා ගත් ඡායාරූප මෙවැනි මාධ්‍ය වාර්තාවක සංවේදීභාවයකින් තොරව, පුවතට ඇති අදාළත්වය නොසලකා පළ කිරීම තුළින් මිය ගිය අය තව දුරටත් අවමානයට ලක් කොට ඇත. එය මනාව විග්රහ කරන BBC සිංහල සේවය ඒ පිළිබඳ සටහනක් තබන ලදී. කෙසේ නමුත් සංවේදී කාරණාවන් වාර්තාකරණයේදී මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝණනය වීම අපි දැක ඇත්තෙමු. එය මුළු ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුළම පවතින උග්‍ර ප්‍රශ්නයක් වන අතර මෙහිදීද එය එසේම සිදු වී තිබුණි.තවද මෙම වාර්තාවේ පොලිසිය විසින් ඝාතනයට ලක් වූ අය මීට පෙර අත්අඩංගුවට පත් කළේ කුමන නීතියක් කැඩීම නිසා ද යන්න සඳහන් නොවේ. නමුත් සඳහන් ආකාරයට මිය ගිය අය එම අවස්ථාවේ කාන්තා ඇඳුමින් සැරසී සිටි ඇති බව සඳහන් වේ. ප්රශ්නය මෙයයි. බොහෝ දෙනා නොදන්නා පරිදි ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය සහ පාදඩ ආඥා පනත භාවිතා කර සංක්‍රාන්තික සමාජභාවී හා සමකාමීන් හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාව රාමුව අභියෝග කරන වෙනත් පුද්ගලයින් නිකරුනේ අත්අඩංගුවටගැනීමට පොලිසිය විසින් වසර ගණනාවක් මෙම නීති භාවිතා කර ඇත. උදාරහරණයක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තියට අනුව වරදක් වෙන්නේ අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීමයි. මෙහිදී ‘අනෙකෙකු ලෙස පෙනී සිටීම’ යනු පුද්ගල අනන්‍යතාවය නොව, වෙන කෙනෙකු ලෙස පෙනී සිටීමයි. තවද එම පුද්ගලයා හිතා මතාම වංචාවක් සිදු කිරීමේ අදහසින් එය සිදු කළහොත් එය දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය උල්ලංඝණය කිරීමකි. එබැවින් දිගු කලක සිට සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් හා සමකාමීන් හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාව රාමුව අභියෝග කරන පුද්ගලයින් තමන් අඳින ඇඳුම හේතුකොට ගෙන මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමද නීති විරෝධීය. කෙසේ නමුත් වර්තමානයේ මෙවැනි අවස්ථාවන් සිදු නොවීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් තම නිලධාරීන් දැනුවත් කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පැසසුමට කාරණාවකි.
(3) වින්දිතයා චූදිතයා වීම
BBC සිංහල සේවය සැප්තැම්බර් 7වන දින සඳහන් කළේ මිය ගිය අයගේ හිස පිට පැත්තේ පහර දීමකින් සිදු වූ තුවාල තිබුණු නමුත්, හිස් කබල පුපුරා නොතිබුණු බව මාතලේ දිස්ත්‍රික් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.එල්. වෛද්‍යරත්න අනාවරණය කර ඇති බවයි. තවද මිය ගිය අයගේ සිරුරේ වෙනත් කිසිදු තුවාලයක් දක්නට නොතිබූණු බවද, ඔහුට වෙනත් ස්වභාවික රෝගයක් වැළදී නොතිබුණු බවද ඔහු පවසා තිබුණි. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් පරීක්ෂා කරන අතර එය නිම වන තුරු මරණයට හේතුව සඳහන් නොකළ හැකි බව විශේෂඥ වෛද්‍ය බී.එල්. වෛද්‍යරත්න මහතා පවසා තිබුණි.සමාජයේ කොන් වීමට ලක්වූ පුද්ගලයෙකු ඝාතනයට ලක් වූ විට ඝාතකයාගේ පාර්ශ්වය ගනිමින් එම ඝාතනය සාධාරණීකරණය කිරීම ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාව තුළ සිදු වෙනු අපි දැක ඇත්තෙමු. පෙර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ඇත්නම් එවැනි සාධාරණීකරණය කිරීමකට බොහෝ විට ඒ කාරණය භාවිතා කරනු ලබයි. තවද සමාජයේ ‘අසම්මත’ යැයි ලේබලය ඇල වූ සිදුවීමක් නම්, මනුෂ්‍ය ඝාතනයට හේතුව එය යැයි මුලසිටම අර්ථකතනය කරයි. නමුත් මෙහිදී වැදගත් විය යුත්තේ මිය ගිය අය එම ඉරණමට ලක්වීමට හේතු සාධක වූ සැබෑ කරුණ හා සැබෑ චූදිතයන් සොයා ගැනීමයි. එය සලකා බැලීමේදී ඝාතනය සිදු වූ ස්ථානයෙන් ලැබුණු සාක්ෂි හා අනෙකුත් පුද්ගල (සොයුරිය) ප්‍රකාශ මත මෙම ඝාතනය,මිය ගිය අයගේ බාහිර ස්වරුපය නිසා,පෞද්ගලික ආරවුලක් මත,හිතා මතා වෛරීසහගතව යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කළ එකක් බවඅනුමාන කළ හැකිව තිබුණි.කෙසේ වෙතත් මේ වන විට, සැකකරුවෙක් ඔහු විසින් සිදු කරන ලද පාපොච්ඡාරණය මත අත්අඩංගුවට පත් වී ඇති අතර ඝාතනයට හේතුව පෞද්ගලික කාරණාවක් බව හෙළි වී ඇත. කෙසේ නමුත් මෙම මනුෂ්‍ය ඝාතනයේ අධිකරණ නඩුව පැවැත්වීමට නියමිත අතර සැබෑ තතු එවිට නිරාවරණය කර ගැනීමට හැකි වනු ඇත.දඹුල්ල පොලිසියේ ප්‍රකාශ අනුව මිය ගිය අය ස්ත්‍රී පුරුෂ සමාජභාවයන්ට අභියෝග කළ අයෙකු විය. ගැහැණු ඇඳුම්, පිරිමි ඇඳුම් නිර්වචනය කිරීමට අයිතිය ඇත්තේ කාටද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. තවද ඒ සඳහා ඇති නීතිමය ගැටළුවක් නැති බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තියට අනුව අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට අදාළ නොවන කරුණකි. මන්ද එහි වංචා කිරීමේ අභිප්රායක් නොමැති අතර එය හුදෙක් පුද්ගල නිදහස මත පදනම් වන දෙයකි. එසේම පුද්ගල නිදහසට අභියෝගය කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ) වැනි නීති තවමත් සමකාමී ප්‍රජාව (සමකාමී, ද්වීකාමී, සංක්‍රාන්තික සමාජභාවී යනාදී) නීතිය ඉදිරියේ අපරාධකරුවන්,කරන අතර, මෙම යල් පැන ගිය අමානුෂික නීති ඉවත් කර ගැනීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම සමානාත්මතාවය සලසන ක්‍රියාවක් වනු. තවද එමඟින්, සමකාමී ප්‍රජාවේ පුද්ගලයින්ට යුක්තියට ඇති ප්‍රවේශය සීමා වීම, යුක්තිය ඉටු නොවීම, තමන්ට කරදරයක් සිදු වූ විට පොලිසියට යාමට මැලි වීම යනාදියෙන් වැළකීමට හැකිවන අතර, ප්‍රචණ්ඩත්වයෙන්, ගැරහීම්වලින්, අවමාන තර්ජනයන්ගෙන් තොර රටක දෙවැනි පුරවැසියන් සේ සැලකුම් නොලබන ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇත. සටහන – ඩෙන්ව මාක් සහාය – දමිත් චන්දිමාල්
This is a very good tip especially to those new to the blogosphere.
Simple but very precise information… Appreciate your sharing this one.
A must read post!
Today, while I was at work, my cousin stole my apple ipad and tested to see if it can survive a forty foot drop, just so she can be a youtube sensation. My apple ipad is
now destroyed and she has 83 views. I know
this is totally off topic but I had to share it with someone!
May I just say what a comfort to uncover somebody who truly knows what they are talking about on the web.
You certainly realize how to bring a problem to light and make it important.
A lot more people ought to check this out and understand this side
of your story. I was surprised you aren’t more popular because you certainly have the gift.
If some one desires to be updated with most recent technologies
after that he must be pay a visit this web site and be up to date daily.
Thanks for finally talking about > දඹුල්ලේ මනුෂ්‍ය ඝාතනය හා වින්දිතයා, චූදිතයා වීම.
– Gay Sri Lanka < Loved it!
An outstanding share! I have just forwarded this onto a colleague who had been doing a little homework on this.
And he in fact ordered me lunch due to the fact that I found it for
him… lol. So let me reword this…. Thanks for the meal!!
But yeah, thanx for spending some time to discuss this subject here
on your website.
I for all time emailed this weblog post page to all my friends, since if
like to read it after that my contacts will too.
Hello there! This is my first comment here so I just wanted to give a quick shout out and say I genuinely
enjoy reading your blog posts. Can you suggest any other blogs/websites/forums that cover
the same subjects? Appreciate it!
Hello! I know this is kind of off topic but I was wondering which blog platform are you using for this website?
I’m getting sick and tired of WordPress because I’ve had problems with hackers and I’m
looking at alternatives for another platform. I would be great if
you could point me in the direction of a good platform.
What’s up everyone, it’s my first visit at this website, and
paragraph is truly fruitful designed for me, keep up
posting such content.
It’s a shame you don’t have a donate button! I’d certainly
donate to this superb blog! I guess for now i’ll settle for book-marking and adding your RSS feed to my Google account.
I look forward to fresh updates and will share this blog with
my Facebook group. Chat soon!