මම සමරිසි ජීවිතය ආරම්භ වුනේ මෙහෙමයි 1

Share

එතකොට මට වයස අවුරුදු 16යි. මම කුඹුරට වැඩට බැස්සා. ඒක ගෙදර කඹුර. මම පවුලේ බඩපිස්සා. මට කුඹුරු වැඩ හුරු නැහැ. ගැහැනු ගොයම් කැපුවා. මමත් කැටකඳු කිරීම් වගේ කුඹුරු වැඩ කළා තේරෙන තරමින්.

හවස ගොඩට ආවා කුඹුරෙන්. රෑ වෙද්දී කකුල් දෙකේ ම දනිසට පහළ කොටසේ රතුපාට බිබිලි ආවා. පහුවදා වෙද්දි රතුවෙලා ගැහිලා ගියා. දැන් තුවාල. පාසල් යන්නත් නෑ. ඒ මම සාමාන්‍ය පෙළ විඵාගය කළ වසර. මගේ මතකය මේ, ඒ වසරේ මුල් කාර්තුව විය යුතුයි. මම තරමක් මහතයි ඒ කාලේ. ලස්සනද කියා මං දන්නෙ නෑ. හැබැයි පෙනුම තිබුණා.

ඒ කාලෙ ගාලු මහ රෝහල ලෙස භාවිත කළේ මහමෝදර රෝහල. OPD බෙහෙත් ගන්න ගියා ම මම චර්ම රෝග ප්‍ර‍තිකාර අංශයට දැම්මා. ඒක තිබුණෙ එදා හවස 02.00 සිට. ඒ වෙද්දි උදේ 10ට වගේ ඇති. ගොඩක් වෙලා ඉතිරි ව තිබුණා. ඒ නිසා මම ගාල්ලෙ දුම්රිය ස්ථානය දෙසට පා ගමනින් ම ගියා. මට මතකයි මම ඇඳල හිටියෙ ක්‍රීම්පාට කොට කලිසමක් හා ටී ෂර්ට් එකක්. ඉස්සර ධර්මපාල උද්‍යානයේ සිකුරිටිලා නෑ. දැන්නම් ඉන්නවා.

මම ඒ උද්‍යානයට ඇතුළු වුණා. ඇතුළෙ බංකු තිබුණා මතකයි. නමුත් මම ගසක් මුල කණ්ඩියක් වගේ තැනක ඉඳගත්තා. ටික වෙලාවක් වාඩිවෙලා හිටියා.

ඊට පස්සෙ …

ඉතුරු කොටස ලගදීම බලාපොරොත්තු වන්න

Leave a Comment